Saturday, October 19, 2024

General line - 0115112241

ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය බටහිර විරෝධී නොවේ




සියලූ රටවල් සමග මිත‍්‍රශීලි ගණුදෙනුවක් සිදුකරමින් රටට වාසි අත්කර ගැනීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විදේශ ප‍්‍රතිපත්තිය වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. විදේශ විනිසුරුවරුන්ට මෙරටට ඇතුල්වීමට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ කතාව බටහිර රටවල්වලට එරෙහිව සිදුකළ ප‍්‍රකාශයක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

යුද සමයේ මෙරට සිදු වූ බව කියන ඇතැම් සිදුවීම් විනිශ්චය කිරීම සදහා විදේශ විනිසුරුවරුන්ට අවස්ථාව ලබාදුනහොත් රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති විය හැකි බවද මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නා.