Friday, September 20, 2024

General line - 0115112241

රටට විදුලිය දෙන්න ඔබටත් පුළුවන් – අර්බුදයෙන් මිදෙන්න මණ්ඩලයෙන් අලුත් වැඩක්




වසර 10 කට පසුව ශ්‍රී ලංකාව දැඩි වියළි කාලගුණික තත්ත්වයකට මුහුණදෙමින් සිටියත් විදුලි කප්පාදුවක් සඳහා යෑමට රජයට කිසිඳු අදහසක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

අද (20) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර වියළි කාලගුණ තත්ත්වය විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් සඳහන් කළා.

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිබල සංරක්ෂණයට යොමුවිය යුතු බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

පෞද්ගලික අංශය සතු විදුලි ජනන යන්ත‍්‍ර සඳහා මුදල් ගෙවීමටද සූදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිිටියේ.

වෙනම මීටරයක් ඒ සදහා සවි කිරීමටත් ප‍්‍රදේශයේ විදුලි අධිකාරිවරයා හරහා එය කි‍්‍රයාත්මක කිරීමටත් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ “මේ රටේ විශාල ආයතන සතුව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර තියෙනවා. අපි බලාපොරොත්තුවනවා මෙගා වොට් 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් ඒ හරහා ලබා ගන්න. ඉතාම ආකර්ෂණීය මිලක් ඒ සඳහා ලබා දෙනවා. උදේ 5.30 ත් රාත්‍රී 10.30 ත් අතර තමන්ගේ විදුලි ජනන යන්ත්‍රයෙන් විදුලිය සපයා ගන්නා පාරිභෝගිකයින්ට එක ඒකකයට රුපියල් 36 ක් ලබා දෙන්න විදුලි බල මණ්ඩලය දැනට සූදානම් වෙලා ඉන්නවා. ප්‍රදේශයේ විදුලි අධිකාරිවරයා හරහා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කරගන්න පුළුවන්.” යනුවෙනි.