Friday, September 20, 2024

General line - 0115112241

ලබන වසරේදී රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක්




ලබන වසරේදී රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති විය හැකි බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා. රටේ පවතින මූල්‍ය තත්ත්වය හේතුවෙන් විදේශීය ආයෝජකයින් රට හැර යාමත්, ඩොලරයේ අගය 160 ක් දක්වා ඉහළ යාම වැළැක්වීමත් සිදුකළ නොහැකි බවයි මන්තී‍්‍රවරයා සදහන් කළේ.

මුදල් අමාත්‍යවරයා විසින් සිදු කළා යැයි පැවසෙන චෝදනාවකටද බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා ප‍්‍රතිචාර දැක්වුවා.

ඒ පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රුපියල් කෝටි 1300ක් 5000 නෝට්ටු වලින් ජනා‍ධිපතිවරණ රැස්වීම්වලට සහභාගීවන පාක්ෂිකයින් අතර බෙදා දීමට පාවිච්චි කළ බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි. එය පට්ටපල් බොරුවක් බවත් එය නිල වශයෙන් ඔප්පුකළයුතු බවත් ඔහු මුදල් අමාත්‍යවරයාට අභියෝග කරනවා.

රටේ පවතින මූල්‍ය තත්ත්වයට ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා වගකිව යුතු බවද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සදහන් කළා.