Friday, September 20, 2024

General line - 0115112241

තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 10ක් හිරවේ! දඩ ගෙවන්නන්ට විශේෂ කවුළු




තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ලිපි ලක්‍ෂ 10 කට වැඩි ප‍්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී ඇතැයි වෘත්තීය සමිති පවසනවා. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ අද (21) දිනයේද තැපැල් සේවකයින් වර්ජනයේ නිරත වන බවයි.

සිය ඉල්ලීම් සහිත සංදේශයක් පා ගමනකින් පැමිණ අද දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් තැපැල් ක්‍ෂේත‍්‍රයට සිදුව ඇති බලපෑම පිළිබද නෙත් නිවුස් තැපැල්පති රෝහණ අබේරත්නගෙන් විමසීමක් කළා.

කෙසේ හෝ තැපැල් සේවා පවත්වාගෙන යාම සදහා අද දිනයේද උපරිම උත්සාහයක් දරණ බවයි තැපැල්පතිවරයා මෙහිදී කියාසිටියේ.

මේ අතර තැපැල් වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව නෙත් නිවුස් ඊයේ දහවල් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළා. ඒ අනුව රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා සියලූම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හා සියලූම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශේෂ කවුළු පිහිටුවීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

මේ සදහා මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පහසුකම් කඩිනමින් සැකසීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ.