Friday, September 20, 2024

General line - 0115112241

රාජ්‍ය සේවා විභාග දෙකක් හෙට සහ 29




සංවර්ධන නිලධාරී සේවයේ පළමු වන කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය හෙට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාගය පැවැත්වෙන්නේ මධ්‍යස්ථාන 171 කදීයි. ඊට පෙනී සිටිමට නියමිත අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 25603ක්.

මේ අතර රාජ්‍ය භාෂා ප‍්‍රවීණතා ලිඛිත විභාගයද ලබන 29 වනදා මධ්‍යස්ථාන 130 කදි පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ සදහා පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 18790ක්.

මෙම විභාග දෙකට අදාළ ප‍්‍රවේශ පත‍්‍ර සියලූ අයදුම්කරුවන්ට දැනටමත් තැපැල් කර යවා අවසන්. ඒ අනුව ප‍්‍රවේශපත‍්‍ර නොලැබුනහොත් විභාග දෙපාර්තමේන්තුව අමතා ඒ පිළිබද තොරතුරු ලබාගත හැකියි. 011 2 78 52 30 හා 011 2 17 70 75 යන දුරකථන අංක මෙන්ම 1911 අංකයෙන්ද විමසීම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.