Friday, September 20, 2024

General line - 0115112241

හෘද රෝග විනිශ්චයට ලාභදායී නව පරීක්ෂාවක්




හෘද රෝග නිශ්චය කිරීම සදහා නව රුධිර පරීක්‍ෂාවක් බි‍්‍රතාන්‍යයේ විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ තිබෙනවා.
මෙය ‘ ට්‍රොපොනින් ’ පරීක්‍ෂාව ලෙසයි හදුන්වනු ලබන්නේ. මෙම රුධිර පරීක්‍ෂණය හදවතේ පේශිවලට හානි සිදුවි ඇති අවස්ථාවක ඉන් නිකුත්වන ප්‍රෝටීනයක් හදුනා ගැනීම මත පදනම් වී තිබෙනවා.

මෙම පරීක්‍ෂාව මගින් හෘදයාබාධ මූලික අවධියේදීම හදුනාගෙන ඉන් වැළැක්විමට උපකාර වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. රුධිර පීඩනය හා රුධිරගත කොලොස්ට්‍රෝල් ප‍්‍රමාණය පරීක්‍ෂා කිරීම මගින් හෘද රෝග අවදානම නිශ්චය කිරීමට වඩා මෙම නව ක‍්‍රමය ප‍්‍රතිඵලදායක බවයි විශේෂඥයන් පවසන්නේ.

පළමුව පිරිමි පුද්ගලයන් සදහා මෙම පරීක්‍ෂණය සිදුකර ඇති අතර පසුව කාන්තාවන්ටද මෙම ක‍්‍රමය යෝග්‍ය බව බි‍්‍රතාන්‍ය හදවත් රෝග පිළිබද පර්යේෂණ කණ්ඩායම පවසනවා.