Friday, September 20, 2024

General line - 0115112241

කෝටි 7ක සිගරට් මෙට්ට අස්සේ හැංගී එයි…




නීතිවිරෝධිව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් අද (21) රේගු භාරයට ගැණුනා. ඒවායෙහි වටිනාකම රුපියල් කෝටි 7 කට අධිකයි. මෙම දුම්වැටි ගෙන්වා ඇත්තේ චීනයෙන් බවයි වාර්තා වන්නේ.

ඒවා අද සොයා ගැණුණේ ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබියදීයි. මෙම දුම්වැටි තොගය මෙට්ට තුළ සගවා තිබූ බවයි ශී‍්‍ර ලංකා රේගුව පැවසුවේ.