Saturday, May 18, 2024

General line - 0115112241

වතුපිටි සුද්ද නොකළොත් වැඩ වරදී – ඩෙංගු මර්ධනයට කණ්ඩායම් ගෙන්ගෙට




ඩෙංගු මර්ධන වැඩසටහනක් අද (13) ආරම්භ වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිදෙදහස් හත්සිය අනූ නවයක් වාර්තා වී ඇති බවයි. මේ වසරේදී පමණක් පරිශ‍්‍ර මිලියනයක් පරීක්ෂා කර ඇති අතර හදුනාගෙන ඇති ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සංඛ්‍යාව ලක්ෂ දෙකක්. ඒ අතරින් මදුරු කීටයන් සිටින පරිශ‍්‍ර විසි දෙදහසක් හදුනාගත් බවද පාලිත මහීපාල මහතා සදහන් කළා.

මෙම වැඩසටහනේදී පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් සදහන් කළේ.