එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රවර්ධන වැඩසටහන් හෝ වෙනත් කටයුතුවලට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගි කරවා ගැනීම අනුමත කළ නොහැකි බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
එහිදි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “සමහර රැස්වීම්වලට ජනාධිපතිතුමාට ආරාධනා කරලා තියෙනවා.. කඩුවෙල එජාප ඇමතිතුමා ජනාධිපතිතුමාට ආරාධනා කරලා තිබුණා.. ඒ රැස්වීම් සම්පූර්ණයෙන්ම කොළ පාටින් සරසලා තිබුණේ… තවත් සමහරු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධන වැඩවලට ජනාධිපතිතුමාගේ ඡායාරූප පාවිච්චි කරලා තියෙනවා. ජනාධිපතිතුමා මේ රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙක්. එයාලගේ වැඩවලට අපේ නායකයව පාවිච්චි කරලා කරන වැඩ වැරදියි.” යනුවෙනි.
වත්මන් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ඒ අනුව ඔහු පැවසුවේ “එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සංවිධානාත්මක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයන්ට ආණ්ඩුවෙන් එළියට යන්න කියලා තර්ජනය කරනවා. එක්සත් ජාතික පක්ෂය පැහැදිළිව දැනගත යුතුයි..මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලන්ට 106 ක් හිටියට 82යි එජාපයේ ඉන්නේ. අපේ 95 ක් හිටියට ඒකෙන් 82 ක් ඉන්නවා ශ්‍රීලනිප මන්ත්‍රිවරු. 82 ට 82 ක් තියාගෙන එයාලට කියන්න බෑ අපේ..අපේ කියලා.” යනුවෙනි.