Friday, September 20, 2024

General line - 0115112241

අමුතු මත්ද්‍රව්‍යයක් පළමුවරට අල්ලයි




කැනබීස් ඉන්ඩිකා හෙවත් ‘කුෂ් ’ නමැති මත්ද්‍රව්‍යයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 1460 ක් ඔහු ළඟ තිබී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මෙම පුද්ගලයා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (21) ඉදිරිපත් කෙරුණු අතර ලබන ජනවාරි 2 වෙනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කැනබීස් ඉන්ඩිකා හෙවත් ‘කුෂ්’ නැමැති මත්ද්‍රව්‍ය ශ‍්‍රී ලංකාවෙන් සොයාගත් පළමු අවස්ථාව ද මෙය වන බවයි විශ්වාස කෙරෙන්නේ.