හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව කර්මාන්තශාලා 2400ක් අලූතින් ආරම්භ කෙරෙනු ඇතැයි ආණ්ඩුව විශ්වාසය පළ කරනවා.
අක්කර පහළොස් දහසක පමණ ප්‍රදේශයක ඇති කෙරෙන විශේෂ ආර්ථීක කලාපයේ මෙම කර්මාන්තශාලා පිහිටුවෙන බවයි අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ.
හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ මීළඟ ගිවිසුම ජනවාරියේදී අත්සන් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට එළඹෙන්නේ චයිනා මර්චන්ට් සමාගම සමගයි.