ඉකුත් ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී ආහාර වියදම් සියයට දශම 5කින් වැඩි වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
නොවැම්බර් මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ඔවුන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.
සහල්, පොල්, එළවළු, අර්තාපල්, දෙහි, ලොකු ලුනු, රතු ලුනු, තේ කොළ , පරිප්පු, පොල්තෙල් සහ හාල්මැස්සන්ගේ මිල වැඩි වීම නොවැම්බර් මාසයේදී කැපී පෙනුණු බවද මෙම නිවේදනයේ දැක්වෙනවා.
කෙසේ වෙතත් මාළු, කුකුළු මස්, ඇතැම් පලතුරු සහ අමු මිරිස්වල මිල නොවැම්බර් මාසයේදී අඩු වී තිඛෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.