ශී‍්‍ර ලංකාව සහ අමෙරිකාව අතර සබදතාව තව තවත් ශක්තිමත් කර ගන්නා බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ඊයේ (12) පැවති සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව කියාසිටියා.
ශී‍්‍ර ලංකාව ඉකුත් කාලසීමාව තුළ සුවිශේෂි ගමනක් පැමිණ ඇති බවත් අභ්‍යන්තර ගැටලූවලට යහපත් අයුරින් විසදුම් සොයමින් සිටින බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නා.