Friday, September 20, 2024

General line - 0115112241

සිංහල මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට විග්නේෂ්වරන් නිහඬයි




සිංහල මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට තමන් පිළිතුරු නොදෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පළාත් සභාවේදීම ප්‍රකාශ කළ බව එහි විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන වී. ජයතිලක පවසනවා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය පිළිබඳ ඊයේ පැවති ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි ඔහු මේ බව පැවසුවේ.

ප්‍රධාන අමාත්‍යවරයාට අයත් අමාත්‍යංශ මගින් සිංහල ජනතාවට සිදුවන සේවය ප්‍රමාණවත් නොවන බව පළාත් සභාවේදී තමන් පෙන්වා දුන්නේ යැයි ද
වී. ජයතිලක මන්ත්‍රීවරයා පැවසුවා.

විශේෂයෙන්ම උතුරු පළාත් සභාවේ සියලූ කටයුතු දෙමළ භාෂාවෙන් පමණක් සිදුකිරීම සිංහල ජනතාවට අසාධාරණයක් බව තමන් එහිදී පෙන්වා දුන් බවයි ඔහු කියා සිටියේ.

එහෙත් උතුරු පළාත් සභාවට සිංහල නිලධාරීන් අවශ්‍ය නොවන බවත්, සිංහල මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට තමන් පිළිතුරු නොදෙන බවත් සී.වී. විග්නේෂ්වරන් එහිදී ප්‍රකාශ කළේ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.