Saturday, July 27, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් බලධාරීන්ගේ ඇස් ඇරේ




ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අවිනිශ්චිත වූ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් ආයතනය ඊට මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ගුවන් ටිකට් පත් නොමැතිව අසීරුතාවයක පසු වූ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් ආයතනය හරහා එම ගුවන් ටිකට් පත් ලබා දීමට දයාසිරි ජයසේකර අද (22) උපදෙස් ලබා දුන්නා.

ඒ අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, ක්‍රිකට් ආයතන උප සභාපති කේ. මතිවානන් සහ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම අවස්ථාවට නෙත් නිවුස් කණ්ඩායම නියෝජනය කරමින් සාමාජිකයෙකුද සහභාගි වුණා.

එම තරගාවලිය සදහා  පුහුණුකරුවන් සහ පුහුණුවීමට අවශ්‍ය ක්‍රීඩාංගණ පහසුකම්ද ලබාදීමට ක්‍රිකට් ආයතනය මෙහිදී එකගතාව පළ කළා. මෙම සාකච්ඡාවට ක්‍රීඩා බලධාරීන් සම්බන්ධ කර ගැනුනේ නෙත් නිවුස් මැදිහත්වීමෙන්. ලබන ජනවාරි මස අග ආරම්භ වන පන්දුවාර විස්ස තරගාවලිය සඳහා පුහුණුවීම් සිදු කරන ක්‍රීඩකයන්ට නේවාසික පහසුකම් ලබාදීමටද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ දෘෂ්‍යාබාධික ක්‍රිකට් කණ්ඩායම මුහුණ පා තිබූ මෙම තත්වය පිළිබඳ නෙත් නිවුස් තමන්ව දැනුවත් කිරීම පිළිබඳව සිය කෘතඥතාව පළ කරන බවයි.

15666043_10211696014382201_1355501516_n 15666370_10211696014542205_460194300_n 15673333_10211696014742210_1437882193_n 15673553_10211696014782211_1035973319_n