Sunday, December 22, 2024

General line - 0115112241

බැසිල් අච්චාරු කරනවා – වාසු දිනේෂ් එහෙම නෑ




එජාපයේ අවශ්‍යතාවයට අනුව ශ්‍රීලනිප දෙකඩ කිරීමට බැසිල් රාජපක්ෂ නිරන්තරයෙන් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

එසේ කටයුතු කළ ඔහු දැන් රටේද නොමැති බවත් ඔහු නැවත දිවයිනට පැමිණි පසුව  නැවත කතා කිරීමට කටයුතු කරන බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යටතේ ලබන වසරේදී මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවද මෙහිදී කියා සිටියා.

බැසිල් රාජපක්ෂ එජාපය සමග ඩීල් ගසා මැතිවරණය අච්චාරු කිරීමට කටයුතු කළද වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන යනාදී මන්ත්‍රීවරුන් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශය බව පෙන්වා දෙමින් මැතිවරණයේ ආපස්සට ගමන් කළ නොහැකි බවත් කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුයි යන මතයේ කටයුතු කළ බවද පැවසුවා.

එමෙන්ම සුපිරි ඇමති කෙනෙකු පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් විරෝධය ප්‍රකාශ කරන බවද ඔහු පැවසුවා.

මෙම අමාත්‍යවරයා පත් කළහොත් අගමැති, ජනාධිපති හෝ අමාත්‍යංශ සියල්ල විසුරුවා දැමුවද ගැටළුවක් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂය තමාට ආණ්ඩුවෙන් යන ලෙසට චෝදනා කරන බවද මෙම සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට තවත් වසර දෙකක් ගමන් කරනවාද නැද්ද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළා.