ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (22) ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව පෙත්සමක් ගොනු කෙරුණා.
අදාළ පෙත්සම ගොනු කරනු ලැබූයේ එම දේවාලයේම සාම්ප‍්‍රදායික කපු මහතෙකු ලෙස කටයුතු කරන රංජිත් පත්මසිරි අධිකාරම් නමැත්තෙකු විසින්.
ඔහුට කතරගම දේවාලයේ සාම්ප‍්‍රදායික කපු මහතෙකු ලෙසට තේවාව කිරීමට වසරක කාලයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. එහෙත් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා එම නියෝගය කඩකර ඇති බවයි රංජිත් පත්මසිරි අධිකාරම් සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.
තමන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇති බවද වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
එහෙත් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා මේ දක්වා එම නියෝගය ක‍්‍රියාත්මක කර නැහැ. එම නිසා ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි රංජිත් පත්මසිරි අධිකාරම් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.