යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර සිටි ප්‍රීති විරාජ් මන්ම්පේරිය වසර එකහමාරකට පමණ පසු අද (22) මුදා හැරුණා.
ඔහුගේ නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පුද්ගලයා මුල සිටම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බවයි.
මේ වනවිට නඩුව අවසන් අදියරට පැමිණ ඇති බැවින් එම කටයුතුවලින් ඔහු නිදහස් කරන්නැයි ඉල්ලීමක් කෙරුණා.
තවද තම සේවා දායකයා රජයේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදීම අවසන් කර ඇති බැවින් තවදුරටත් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම අනවශ්‍ය බවයි නීතිඥවරුන් පෙන්වා දුන්නේ. කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ඔහුව මෙම නඩු කටයුත්තෙන් මුදා හැරීමට නියෝග කළා.