Sunday, December 22, 2024

General line - 0115112241

බෑන් කී මුන්ගෙන් ජනපතිට හදිසියේ දුරකතන ඇමතුමක්




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයෙන් නික්ම යන බෑන් කී මුන් ගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද (22) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

සිය ධූරයෙන් නික්ම යාමට මත්තෙන් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා ඇමතූ බෑන් කී මුන්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාව සමාජ, ආර්ථික, දේශපාලන සියලු ක්ෂේත‍්‍රයන් තුළ ලබා ඇති ප‍්‍රගතිය ඇගයීමට ලක් කර තිබෙනවා.

එමෙන්ම සංහිදියා පිළිවෙත වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ කැපවීම ඉතා ප‍්‍රශංසනීය බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සිය ධූර කාලය තුළ ශී‍්‍ර ලංකාව නව ගමන් මගකට ගෙන ඒමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ කැපවීම අගය කළ මහලේකම්වරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාව ඉදිරියේදී තවත් ජයග‍්‍රහණ රැසක් අත්කර ගනු ඇති බව ද සඳහන් කර තිබෙනවා.

ධූරයෙන් නික්ම ගිය ද ශී‍්‍ර ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවට ද බෑන් කී මුන් සහතික වි ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස බෑන් කී මුන් නිරන්තරයෙන් ශී‍්‍ර ලංකාවට ලබා දුන් සහය මෙහිදී අගය කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එතුමා වෙත සිය සුභාශීංසන පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.