මගීන් 118ක් සමග ලිබියානු ගුවන් යානය පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත යටත් වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගත් බව මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් පවසනවා.
මෙම පැහැරගැනීමට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනා ගඩාෆි හිතවාදීන් බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. යානයේ සිටි මගීන් ද නිදහස් කර ගැනුණු බව විදෙස් වාර්තා අනාවරණ කළා.
මෙලෙස පැහැරගැනීමට ලක්වූයේ ඒ – 320 එයාර් බස් වර්ගයේ යානයක්. අත්බෝම්බයක් පෙන්වා යානය පුපුරුවාහරින බවට තර්ජනය කරමින් යානය පැහැරගැනුණු අතර පසුව එය මෝල්ටාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා.
යානයේ සිටි කාර්යමණ්ඩලය ද පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා සමග අවසන් වශයෙන් යානයෙන් පිටතට පැමිණි බවයි මෝල්ටා අග්‍රාමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ.
මෝල්ටා ආරක්ෂක අංශ සීරුවෙන් (UPDATE)
Dec 23, 2016 @ 19:00
මගීන් 118 දෙනෙකු සමග පැහැර ගැනුණු ලිබියානු ගුවන් යානය ඇෆ්රිකියාහ් ගුවන් සේවයට අයත් යානාවක් බව විදෙස් වාර්තා අනාවරණ කරනවා.
මෙම යානය පැහැරගත් පුද්ගලයාගේ ඉල්ලීම් මොනවාදැයි මෙතෙක් පැහැදිලි නොමැති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. ලිබියාවේ සභාහා සිට ත්‍රිපෝලි දක්වා පියාසර කරමින් තිබියදී යානය පැහැර ගැනුණා.
අත් බෝම්බයක් රැගත් පුද්ගලයෙකු යානය පුපුරුවාහරින බවට තර්ජනය කරමින් පැහැරගැනීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
එම යානය මෝල්ටාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමෙන් පසු එරට අග්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් නිල ට්විටර් සටහනක් තබමින් මේ බව තහවුරු කළා.
අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට මෝල්ටා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
පැහැරගැනුණු යානයේ මගීන් අතර කාන්තාවන් 22ක් , පිරිමි පුද්ගලයින් 88ක් සහ කුඩා බිළිඳෙකු ද සිටි බව සඳහන්. ඊට අමතරව කාර්යය මණ්ඩලයේ 7 දෙනෙකු ද යානයේ රැඳී සිට තිබෙනවා.
ලිබියානු මගී ගුවන් යානයක් පැහැරගනී
Dec 23, 2016 @ 17:32
මගීන් 118ක් රැගත් ලිබියානු ගුවන් යානයක් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන තිබෙන බව වාර්තාවනවා.
එම මගී ගුවන් යානයේ එක් ළදරුවෙක් සහ කාන්තාවන් 28ක් , පිරිමි පුද්ගලයින් 82ක් සිටින බවයි මෝල්ටාවේ අගමැතිවරයා Joseph Muscat සිය ට්විටර් පණිවුඩයකින් සඳහන් කරන්නේ.
එම ගුවන් යානය මෝල්ටාවට ගොඩ බස්වා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.
මෝල්ටාවේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් පළකල ට්විටර් පණිවුඩ පහතින් දැක්වේ.