බුදු දහමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත යුතු සියලු කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
විනාශ වී ගිය ආගමික සිද්ධස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අද (23) වවුනියාව ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එම හඬපටය පහතින් ඇසිය හැකියි.
“ගතයුතු ක්‍රියාමාර්ග සියල්ල අරගෙන තියෙන්නේ. කාටවත් චෝදනාවක් කරන්න බැහැ. බුද්ධාගමට තියෙන ප්රමුඛ ස්ථානයට මදිපුංචිකමක් සිදු වුනැයි කියලා, එහෙම දෙයක් මේ රටේ වෙලා නැහැ. හැබැයි ඒ බුදුදහම ආරක්ෂාකිරීමට ප්රමුඛ ස්ථානය දීමෙයි කියන එකේ තේරුම අනෙක් ආගම් යටපත් කිරීමවත් , ඒවා නොතකා හැරීමවත් නොවෙයි. ඒ උදවියට තම තමන්ගේ ආගම් ඇදහීමට තිබෙන සම්පූර්ණ නිදහස , අයිතිය ආරක්ෂා කරමින් තමයි මේ කටයුත්ත සිදුවෙන්නේ.
අමාත්‍ය ධුරයේ විෂයන් වෙනස් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය මගින් සිදුකළ අනාවරණයන් පිළිබඳව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කළා.
කෙසේ වෙතත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් පැවති බවට තොරතුරු වාර්තා වුණා.