උදාවන 2017 වසරේ දී ආණ්ඩු වෙනසක් සිදු වන්නේ ද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ 2017 වසරේ දී ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතු ඡන්ද පදනම ජාතික මැතිවරණයක් ජය ගැනීමට ප්‍රමාණවත් නොවන බව ද එස්. බී. දිසානායක අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.
2017 වසරේ දී ආණ්ඩුව පෙරළා දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙරට සිටින විදෙස් මාධ්‍යවේදීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
අමාත්‍ය එස්. බී. දිසානායක ඊට ප්‍රතිචාර දැක්වූයේ නෙත් නිවුස් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්.