Sunday, December 22, 2024

General line - 0115112241

පලාගොස් සිිටි හමුදාවේ 7500 ක් යළි භාරවෙති




නීති විරෝධීව හමුදා සේවයෙන් පලාගිය තැනැත්තන්ට භාර වී, නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන් වනවා.

මෙම පොදු සමා කාලය තුළ ද භාර නොවන, හමුදා සේවයෙන් පලා ගිය තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සදහා අනතුරුව රට පුරා මෙහෙයුම් සිදු කරන බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ.

ප්‍රකාශිත පොදු සමා කාලය ආරම්භ වූයේ ඉකුත් පළමුවනදායි. එදින සිට ඊයේ දක්වා භාර වී ඇති මුළු නිලධාරීන් ගණන 31 දෙනෙක්. හමුදා සේවයෙන් පලාගොස් සිටි සෙසු නිලයන් 7416 දෙනෙකු ද මෙම කාලය තුළ භාර වී තිඛෙනවා.

මෙලෙස භාර වූ තැනැත්තන්ගෙන් වැඩිම පිරිසක් යුද හමුදා සාමාජිකයින්. නිලධාරීන් නව දෙනෙකු සහ සෙසු නිලයන් 6502 ක් ඒ අතර වනවා.