අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කළාසේම අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණවල ද මිල අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඖෂධ නියාමන ජාතික අධිකාරියට උපදෙස් දී තිඛෙනවා.
මෙහි පළමු අදියර යටතේ අක්ෂි කාචවල මිල අඩු කිරීමටයි අදහස් කර තිඛෙන්නේ. අක්ෂි කාචවල ඉහළ මිල ගණන් සම්බන්ධයෙන් රෝගී ජනතාවගෙන් අඛණ්ඩව ලැඛෙන පැමිණිලි මීට හේතු වී තිඛෙනවා.
රජයේ රෝහල්වල අක්ෂි සායනවලට පැමිණෙන රෝගීන් සදහා අක්ෂි කාච ලක්ෂයක් නොමිලේ ලබා දී තිඛෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.
නමුත් පෞද්ගලික රෝහල්වල දී අක්ෂි කාච සඳහා ඉහළ මිලක් අය කෙරෙනවා. ඇතැම් අක්ෂි කාච රුපියල් හයදහසකට පමණ ඉන්දියාවෙන් ආනයනය කර රුපියල් විසිපන් දහසකට පමණ අලෙවි කරන බවයි අධ්‍යයනවලින් හෙලිව තිඛෙන්නේ.
විධිමත් මිල නියාමනයක් මගින් එවැනි අක්ෂි කාචයක් රුපියල් දස දහසකට පමණ ලබාදීමට හැකිවනු ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පල කළා.