Sunday, December 22, 2024

General line - 0115112241

ජනපති, අගමැති හා විපක්ෂ නායකවරයාට මරණ තර්ජනය කළ සැකකරුට ඇප




ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකවරයාට මරණ තර්ජනය කරමින් හඩපටයක් ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද ඇප මත මුදා හැරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගලගේ නියෝගයකට අනුවයි.

රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැර තිඛෙනවා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ දිනූෂ් චාමර නමැති 26 හැවිරිදි පුද්ගලයෙක්.

ජනවාරී මස 13 වන දා මෙම නඩුව යළි කැ`දවීමට නියමිතයි.