නේත්රාභිවන්දනා මහා පිංකම් මාලාවේ අවසන් අදියර බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේදී අද (31) පස්වරු 4.00ට ආරම්භ වනවා. නෙත් එෆ්.එම්. රේඩියෝව මෙම පිංකම් මාලාව සංවිධාන කරන්නේ එළැඹෙන නව වසරේදී රටට සහ ජනතාවට යහපතක් වේවා යන ප්රාර්ථනය පෙරදැරිවයි.
ඒ වෙනුවෙන් මුතියංගණ පුදබිම පිරිසිදු කිරීම නෙත් එෆ්.එම්. රේඩියෝවේ කාර්යමණ්ඩලයේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරුණා. පස්වරු 4.00 සිට කප්රුක් පූජාව, ආශිර්වාද පූජාව, සුවඳ දුම් පූජාව, ආලෝක පූජාව ඇතුළු පිිංකම් රැසක් මෙම පුදබිමේදී සිදුකිරීමට නියමිතයි.
නේත්රාභිවන්දනා පිංකම් මාලාව ආරම්භ කෙරුණේ ඉකුත් 26වෙනි දිනයි. ඒ, නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයෙන්. බණ්ඩාරවෙල ශ්රී පුෂ්පාරාම විහාරස්ථානයේ පැවති එම පිංකම ඉකුත් 28 වෙනිදා අවසන් වුණා. ඒ අනුව මුතියංගණ රජමහා විහාරස්ථානයේදී අද දිනයේ නේත්රාභිවන්දනා ධාතු නමස්කාර පිංකමක් සිදුනොවන බවද නෙත් එෆ්.එම්. රේඩියෝව සැදැහැවතුන්ට දැනුම් දෙනවා.