සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊයේ (30) දිනයේදී ඔහු අදාළ තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව තනතුරක් භාරගැනීමට ද නියමිතයි.
මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක් සඳහා පත්ව යන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.