දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා. දෙසැම්බර් 31 වෙනිදා දක්වා ලබා දී ඇති කාලය අදින් අවසන්. ඉන් අනතුරුව සේවයට වාර්තා නොකරන සියලූ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන හමුදා නීතියට අනුව වින්‍යානුකූලව කටයුතු කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.
මේ වන විට ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් 8000ක් පමණ භාර වී නීත්‍යානුකූලව භාර වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.