සෞඛ්‍ය සේවයේ විවිධ වියදම්වලට අදාළ රුපියල් බිලියන 10කට අධික බිල්පත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වනවා. පසුගිය ජුනි මාසයේ සිට බිල්පත් නොගෙවීමෙන් මෙතරම් මුදලක් ගොඩගැසී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ගොඩගැසී ඇති රුපියල් බිලියන 10කට අධික බිල්පත් අතරින් වෛද්‍ය සැපයුම් ඒකකයට අදාළ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 2කට අධික බවයි පැවසෙන්නේ.
කොළඹ ජාතික රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල්වල වියදම්වලට අදාළ නොගෙවූ බිල්පත් ද මෙලෙස ගොඩගැසී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.