බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ පැල්පත් නිවාසයන්හි සිදුවන බව කියන නීති විරෝධී ක්රියා හෙළිකර ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
නිල සුනඛයන් ද යොදාගනිමින් සිදු කළ මෙම මෙහෙයුමේදී හෙරොයින් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්රෑම් පහකට ආසන්න ප්රමාණයක් සහ මුදල් රුපියල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්රමාණයක් ද සොයා ගෙන තිබෙනවා.