උදාවන 2017 නව වසර වෙනුවෙන් රටට සහ ජනතාවට සෙත් පතා නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ නේත්රාභිවන්දනා පිංකම්මාලව මීට නොබෝ වේලාවකට පෙර නිමාව දුටුවා.
ඒ, බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ පැවති සෙත් පිරිත් සජ්ජායනයෙන් අනතුරුවයි.
නේත්රාභිවන්දනා පිංකම් මාලාව ආරම්භ වූයේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණු මහා ධාතු නමස්කාරයෙන්.
ඉකුත් 26 වනදා සිට 28 වනදා දක්වා එම පිංකම සිදු කෙරුණා.
උදාවන 2017ට ආශිර්වාද පතා මුතියංගණ පුදබිමේ මහා පිංකම්
Dec 31, 2016 @ 18:15
උදාවන 2017 වසරේ දී රටටත් ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නේත්රාභිවන්දනා පිංකම් මාලාව යටතේ නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන තවත් පිංකම් කිහිපයක් බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරයේ දී මේ වනවිට සිදු කෙරෙනවා.
පස්වරු 4 ට කප්රුක් පූජාව ආරම්භ වූ අතර අනතුරුව අනුශාසනාව සිදු කෙරුණා. පස්වරු 5:30 සිට බෝධි වන්දනාව සිදු කෙරුණු අතර එය මෙහෙයවනු ලැබූයේ පූජ්‍ය මලගල චන්දිම හිමියන් විසින්.
මෙම පිංකම් මාලව යටතේ රාත්‍රී 7 ට ආශිර්වාද පූජාව ආරම්භ කිරීමට නියමිතයි.
පූජ්‍ය ගනේකන්දේ චන්ද්‍රරතන හිමියන් විසින් එය මෙහෙයවනු ලබනවා. රාත්‍රී 8 ට පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් විසින් සද්ධර්ම දේශනයක් සිදු කිරීමට නියමිතයි.
මෙම ආශිර්වාද පූජාව සහ සද්ධර්ම දේශනය නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීව ලෙස ප්‍රචාරය කිරීමට ද කටයුතු යෙදා තිබෙනවා.
නේත්රාභිවන්දනා පිංකම් මාලාව ආරම්භ වූයේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණු මහා ධාතු නමස්කාරයෙන්.
ඉකුත් 26 වනදා සිට 28 වනදා දක්වා එම පිංකම සිදු කෙරුණා. බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේ අද (31) සිදු කෙරෙන පිංකම් අතරට ධාතු නමස්කාරයක් ඇතුළත් නොවන බව සැදැහැවතුන්ට දැනුම් දෙනවා.