Sunday, December 22, 2024

General line - 0115112241

විදුලිය වෙනුවෙන් අතිරේක ඉන්ධන තොග ආනයනයට තීරණයක්




වැසි අඩුවීම නිසා විදුලි සැපයුමට ඇතිවිය හැකි බාධාවන්ට මුහුණදීම සඳහා අතිරේක ඉන්ධන තොග ආනයනය කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

බලාගාර ආශ‍්‍රිත ජලාශ බොහෝමයක ජල මට්ටම මේ වනවිට පවතින්නේ අඩු අගයකයි. ජාතික විදුලි අවශ්‍යතාවයෙන් ජල විදුලියෙන් උත්පාදනය කරන කොටස සියයට 13.05 ක් පමණ දක්වා අඩුවී තිබෙනවා.

ජාතික විදුලි අවශ්‍යතාවෙන් සියයට පනහකටත් වැඩි ප‍්‍රමාණයක් උත්පාදනය කරන්නේ තාප බලයෙන්. ඒ අනුව විදුලි උත්පාදනය සඳහා ඉදිරියේ දී වැඩිපුර ඉන්ධන අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

පෞද්ගලික ආයතන විසින් ඔවුන් සතු විදුලි ජනන යන්ත‍්‍ර ම`ගින් විදුලිය සපයා ගැනීමද දිරිමත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඒ සඳහා ද වැඩිපුර ඉන්ධන අවශ්‍ය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමිනුයි ඉදිරියේ දී අතිරේක ඉන්ධන තොග ආනයනය කිරීමට ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.