Sunday, December 22, 2024

General line - 0115112241

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් කළකිරීමක




රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වගකීම් සහ බලතල පවරාදීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් එම ධුරයන්හි කටයුතු කිරීම එතරම් ඵලදායි ක‍්‍රියාවක් නොවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර පවසනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසරකට වැඩි කාලයක් ඉක්මගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් මුහුණ දී සිටින දුෂ්කරතා මගහැරවීමට තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට අදාළව තමන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත යෝජනා ඉදිරිපත් කළ බව ද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර පවසනවා.

ඒ අනුව උදාවන නව වසරේදී හෝ රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් සහ බලතල පවරා ගැනීමට කිසියම් පියවරක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා වූ ප‍්‍රියංකර ජයරත්න ඊයේ (30) එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.