හම්බන්තොට වරායේ සේවක වැඩවර්ජනය අවස්ථාවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ලොව ප්රමුඛ පෙලේ නෞකා සමාගමක් වන දකුණු කොරියාවේ ‘‘හයිහුන්ඩායි ග්ලෝවීස්’’ සමාගම සිය ප්‍රසාදය පල කරනවා.
වැඩවර්ජනය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳ නෞකා දෙකක් වරායේ සිරවී තිබුණු අතර ඒවායෙන් එකක් හයිහුන්ඩායි ග්ලෝවීස් සමාගමට අයත් ග්ලෝවීස් ෆීනික්ස් නෞකාවයි.
වැඩවර්ජනයේ යෙදුණු සේවකයින්ගේ කළහකාරී හැසිරීම හේතුවෙන් මෙම නෞකාවට සහ එහි රැගෙන ආ වාහනවලට ද අලාභ සිදුවිය හැකිව තිබූ බවත්, එහෙත් නාවික හමුදාව කටයුතු කළ ආකාරය නිසා හානි වැළකී ගිය බවත් ‘‘හයිහුන්ඩායි ග්ලෝවීස්’’ සමාගම පවසනවා.
ඒ සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්රමුඛ සමස්ත බල ඇණියට සිය ස්තූතියි පිරිනමන බවයි ‘‘හයිහුන්ඩායි ග්ලෝවීස්’’ සමාගම වැඩිදුරටත් කියා සිටියේ.