Sunday, December 22, 2024

General line - 0115112241

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට නව වසර උදාවෙයි (VIDEO)




නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට මීට පැය දෙක හමාරකට පමණ පෙර 2017 නව වසර උදා වුණා. ඒ, ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4:30 ටයි.

ලොව පුරා වේලා සැකැස්ම අනුව නව වසර මුලින්ම උදාවන නගරය වන්නේ ද නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරයි. උදා වූ 2017 නව වසර පිළිගැනීම සඳහා එහි විවිධ සැමරුම් සංවිධාන කර තිබුණා.

අඩි 1080 ක් උස ස්කයි ගොඩනැගිල්ලේ ඉහළම මහලේ සිට මල්වෙඩි සංදර්ශනයක් ද සිදු කෙරුණු බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

මේ අතර නව වසර උදාවීමේ දී ලොව පුරා ඔර්ලෝසුවල වෙලා තත්පරයක් ආපසු කරකැවිය යුතුයි.

ඒ අනුව 2016 වසරේ කාලයක් තත්පරයක් වැඩිවන අතර 2017 වසරේ කාලය තත්පරයක් අඩු වනවා.

මෙම වෙනස සිදු කෙරෙන්නේ පෘථිවියේ භ‍්‍රමණය ක‍්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.

maxresdefault new-zealanders-celebrate-new-years-eve-2016-1 new-zealanders-celebrate-new-years-eve-2016