Thursday, March 28, 2024

General line - 0115112241

උදා වූ 2017 නව වසර වෙනුවෙන් ජනපතිතුමාගේ පණිවුඩය




උදා වූ 2017 නව වසර වෙනුවෙන් සියලු ශී‍්‍ර ලාංකිකයන්ට සුභාශිංෂණ පළ කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

මවුබිම වඩා ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා මෙම වසරේදී භේද පසෙකලා එක්සත් වන ලෙසයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ.

2017 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත්කර ඇතැයිද මෙහිදී සිහිපත් කෙරුණා.

මේ අතර උදා වූ 2017 නව වසර වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (31) පස්වරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේදී, දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගත්තා.

අස්ගිරි සහ මල්වතු මහානාහිමියන්ද බැහැදුටු ජනාධිපතිවරයා මාධ්‍යවේදින් වෙත ප‍්‍රකාශ කළේ මහා නාහිමියන්ගේ උපදෙස් පරිදි මෙම නව වසරේද රාජ්‍ය පාලනය සිදු කරන බවයි.

විල්පත්තුව ඇතුළු වනාන්තර ප‍්‍රදේශ මෙන්ම සෙසු ස්වභාවික සම්පත්ද ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවද අනුයුක්ත කර සිටින බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට රටට අහිතකර කිසිඳු වගන්තියක් ඇතුළත් නොවන බවට අස්ගිරි සහ මල්වතු මහානාහිමියන් හමුවේ ජනාධිපතිවරයා ප‍්‍රතිඥාවක්ද ලබාදුන්නා. රටේ එ්කීයභාවය සහ සම්බුද්ධ ශාසනයට ඇති ප‍්‍රමුඛස්ථානයට මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

01 02 03 04

(සුබ පැතුම් පණිවුඩය පහතින් දැක්වෙයි)

janapathi