Thursday, April 25, 2024

General line - 0115112241

ඔබ සැමට සුබ නව වසරක් වේවා !




උදා වූ 2017 නව වසර සියලු ශී‍්‍ර ලාංකිකයන්ගේ යහපත් බලාපොරොත්තු ඉටුවන වසරක් වේවායි නෙත් නිවුස් ප‍්‍රාර්ථනා කරනවා.

ගෙවී ගිය වසරේදී මෙන්ම උදා වූ මෙම නව වසරේදීත් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවීම අපගේ ප‍්‍රාර්ථනයයි.

මේ අතර 2017 නව වසරේදී රටටත්, ජනතාවටත්, ආශීර්වාද ප‍්‍රාර්ථනා කරමින් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කළ නේත‍්‍රාභිවන්දනා පිංකම් මාලාව බදුල්ල මුතියංගණ රජ මහා විහාරයේදී ඊයේ (31) රාති‍්‍රයේ නිමාව දුටුවා. එ් සෙත් පිරිත් සජ්ජායනයකින්.

බදුල්ල මුතියංගණ විහාරයේදී සංවිධාන කෙරුණ මෙම පිංකම් මාලාවට බෝධි වන්දනාවක් සහ ආශීර්වාද පූජාවක්ද ඇතුළත් වුණා.

2017 නව වසරේදී රටටත්, ජනතාවටත්, ආශීර්වාද ප‍්‍රාර්ථනා කරමින් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කළ නේත‍්‍රාභිවන්දනා පිංකම් මාලාව ආරම්භ වූයේ මහා ධාතු නමස්කාරයකින්.

ඉකුත් 26 වැනිදා සිට 28 වැනිදා දක්වා බණ්ඩාරවෙල ශී‍්‍ර පුෂ්පාරාම විහාරයේදී මෙම පිංකම සිදු කෙරුණා. සියලු පිංකම් සඳහා සැදැහැවතුන් සහභාගි වූයේ බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුතුවයි.

උදා වූ 2017 නව වසරට සෙත් ප‍්‍රාර්ථනා කරමින් ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දී ද ඊයේ රාති‍්‍ර සහ අද අලුයම පිංකම් සිදු කෙරුණා.

රටපුරා තවත් වෙහෙර විහාරස්ථාන බොහෝමයකද නව වසරට ආශීර්වාද පතා විවිධ පිංකම් සිදු කෙරුණා.