Saturday, April 27, 2024

General line - 0115112241

2017 අයවැය යෝජනා ගණනාවක් අද සිට බලාත්මකයි




2017 අයවැය යෝජනා ගණනාවක් අද (01) සිට බලාත්මක වනවා.

පාසල් සිසුන් සඳහා වන රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණය එ්වායින් එකක්. නොමිලයේ ලබාදෙන මෙම රක්ෂණාවරණයෙන් රෝහල් ගත වීම සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වාද බාහිර ප‍්‍රතිකාර සඳහා රුපියල් දස දහසක උපරිමයක් දක්වාද පාසල් සිසුන්ට ප‍්‍රතිලාභ ලැබෙනු ඇති.

රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමද අද සිට තහනම් වනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ එම සියලු රුධිර පරීක්ෂණ රජයේ රෝහල් විසින්ම සිදු කළ යුතු බවයි. එ් සඳහා අවශ්‍ය රුධිර පරීක්ෂණ යන්ත‍්‍ර දැනටමත් ලබාදී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියා.

සියලු අධිවේගී මාර්ගවල ගාස්තුද අද සිට සංශෝධනය වනු ඇති. එ් අනුව රාතී‍්‍ර 9.00 සිට අලුයම 5.00 දක්වා කාලයේදී එම මාර්ගවලදී අය කෙරෙන ගාස්තු රුපියල් 50 කින් අඩු වනවා.

2017 අයවැයෙන් යෝජනා කෙරුණු පරිදි එළවළු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරයද අද සිට බලාත්මකයි.

ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියයට 25ක සෙස් බද්දද අද සිට ඉවත් වනවා.

ආනයනික සීනි සඳහා සියයට දෙකක සෙස් බද්දක් සහ එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්දක්ද අද සිට පැනවෙනු ඇති.