කතෝලික සහ කි‍්‍රස්තියානි මූලධර්මවාදීන්ගේ නැගිටීමක් උදා වූ 2017 නව වසරේදී අපේක්ෂා කළ හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
අන්තර් ජාතික සම්මුතීන් වෙනුවට ජාතික රාජ්‍යයන්ගේ අභිලාෂ ඉදිරියට පැමිණිමක්ද මෙම වසරේදී අපේක්ෂා කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මෙතෙක් කාලයක් අනාගමික වාදය ලෞකිකවාදය රාජ්‍යයක ප්‍රතිපත්තිය විය යුතුයි කිනය කරුණට පටහැනිව මේ වසර ආගමික මූලධර්මවාද නැගෙන වසරක්. විශේෂයෙන්ම යුරෝපයේ ස්ලාමීය මූලධර්මවාදය නැගීමට සාපේක්ෂව කතෝලික හා ක්‍රිස්තියානි ආගම්වල මූලධර්මවාදී නැගිටීම දැක ගත හැකි වේවි. ඉදිරියේදී අන්තර්ජාතික සම්මුතින් වෙනුවට ජාතික රාජ්‍යයන්හි අභිලාශයන් වැඩි වශයෙන් වර්ධනය වේවි.” යනුවෙනි.
අමාත්‍ය පාඨලී චම්පික රණවක එම අදහස් පළ කළේ උදා වූ 2017 නව වසර සම්බන්ධයෙන් සිය දැක්ම පැහැදිලි කරමින්.