කිලිනොච්චිය පලෙයි උඩුතුරෙයි ප්රදේශයේ පිහිටි පුස්තකාලයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.
පලෙයි පොලිසිය සඳහන් කළේ ගින්නෙන් පුස්තකාලයේ තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් සහ උපකරණ විනාශ වී ඇති බවයි.
පුස්තකාලයේ වහලයට පොල්අතු සෙවිලි කර තිබීම හේතුවෙන් ගින්න කඩිනමින් පැතිර ගොස් තිබෙනවා.
ගිනි තැබීම සිදු කළ පුද්ගලයින් සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පලෙයි පොලිසිය පැවසුවේ.