උදා වූ නව වසර වෙනුවෙන් නිවසේ කිරි උතුරවමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන ඔහුගේ මස්සිනා කුළියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුළියාපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පනස්තුන් හැවිරිදි වියේ පසු වූ අයෙක්.
නව වසර උදාවත් සමග ඔහුගේ බිරිඳට ලද දුරකතන ඇමතුමක් හේතුවෙන් බහින්බස් වීමක් ඇති වී තිබෙනවා. පසුව ඇය ගිනි තබා ගැනීමට උත්සහ දරා ඇති අතර පොලිස් කොස්තාපල්වරයා එය වැළැක්වීමට මැදිහත් වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.
ඒ අවස්ථාවේ එම නිවසේම රැඳී සිටි බිරිඳගේ සොහොයුරා පැමිණ පොලිස් කොස්තාපල්වරයාට පොල්ලකින් පහරදී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණා.
පසුව ඔහු කුළියාපිටිය මූලික රෝහලට රැගෙනවිත් තිබුණ ද අධික රුධිර වහනය හේතුවෙන් ඒ වනවිටත් ඔහුගේ මරණය සිදුව තිබූ බවයි වාර්තා වන්නේ.
පිළිස්සුම් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ද මේ වනවිට කුළියාපිටිය රෝහලේ ප්රතිකාර ලබනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කුළියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් තවදුරටත් ප්රශ්න කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.