Friday, March 29, 2024

General line - 0115112241

අද සිට පාසල් ඇරඹෙයි




2017 වසරේ පළමු පාසල් වාරය අද (02) ආරම්භ වනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 68 ක් හැර සෙසු සියලු පාසල් අද ආරම්භ වෙනු ඇති.

එම පාසල්වල පළමු වාරය අපේ‍්‍රල් මස 05 වැනිදා දක්වා ක‍්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 68, පළමු වාරය සඳහා විවෘත කෙරෙන්නේ ලබන 16 වැනිදායිි.