Thursday, April 25, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රිවරුන්ට ජනපති දුන් පොරොන්දුව හෙළිකරයි




ආණ්ඩුව ස්ථාවර නොමැති බවට පළ වන ප‍්‍රකාශවල කිසිඳු සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

එමෙන්ම ආණ්ඩුව පෙරළන බවට ඇතැම් පිරිස් කරන ප‍්‍රකාශ ද පදනම් විරහිත බවයි ඔහු කියා සිටියේ.

ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳ ජනාධිපතිවරයා ද සහතිකයක් ලබාදුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී මන්ත්‍රිවරයා සඳහන් කළේ “මේකේ සත්‍ය තත්ත්වය දැනගන්න අපිට ඕන වුණා. ඒ නිසා පසුපෙළ මන්ත්‍රිවරු ගිහින් ජනාධිපතිවරයා හමුවුණා. එතුමාගේ ස්ථාවරත්වයත් එක්ක මට පැහැදිළිව කියන්න පුළුවන්.. කවුරු දවල් හීන දැක්කත් එහෙම ආණ්ඩුව පෙරළන්න පුළුවන් කමක් ඇත්තෙ නැහැ. ආණ්ඩුව සහ ජනාධිපති ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කරලා තමයි ආණ්ඩුව අවසන් කරන්නෙ කියලා පැහැදිළිව අපි දැන ගත්තා.” යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.