Friday, April 26, 2024

General line - 0115112241

අධිවේගී මගේ ගිය වාහනය පෙරළිලා – වාහනය ළඟ ආයෙත් බීලා (PHOTOS)




තරුණයින් හය දෙනෙකු රැගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී ආරක්ෂිත වැටේ ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

ඔවුන් පැමිණ තිබුණේ හික්කඩුව බලා ගමන් කිරීමටයි.

එහෙත් මෙම පිරිසි වැරදීමකින් වදුරඹ දෙසට ගමන් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් එක් තරුණයෙකු තුවාල ලැබුවා. මෝටර් රථයේ ගමන්ගත් තරුණයින් අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිටි බවටයි සැක කෙරෙන්නේ.

අනතුරෙන් පසුව මෝටර් රථය උඩු අතට හැරී තිබෙනු දක්නට ලැබුණා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ අනතුරෙන් පසුව ද තරුණයින් පිරිස එම ස්ථානයේ මත්පැන් පානය කර ඇති බවයි.

dead-www-nethnews-lk001 dead-www-nethnews-lk002 dead-www-nethnews-lk003 dead-www-nethnews-lk004 dead-www-nethnews-lk005