Saturday, April 27, 2024

General line - 0115112241

ඉදිරියේ එන අර්බුදයට මුහුණ දෙන්න ඇමති තෙල් නැවක් ගෙන්වයි




පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව සිදු කිරීම සඳහා ප‍්‍රමාණවත් ඉන්ධන සැපයීමට සූදානම් බව ඛණිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු සඳහන් කළේ හදිසි අවශ්‍යතාවක් මතු වුවහොත් ඊට ද මුහුණදීමට හැකි වන පරිදි ඉන්ධන නෞකාවක් මේ වනවිට ද දිවයිනට පැමිණ ඇති බවයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තෙල් ප‍්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා ද ඉදිරියේ දී කඩිනමි පියවර අනුගමනය කරන බවයි.

ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉකුත්දා ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළා.

එහි දී ඔහු කියා සිටියේ මීට පෙර එහි මෙහෙයුම් කටයුතු ඉන්දියාවට පවරා තිබුණ ද මේ වනවිට එය ඒකාබද්ධ පාලනයකට ගෙන ඒමට කටයුතු කරන බවයි.

ප්‍රමාදයන් ඇති නොවන පරිදි නව තෙල් ගබඩා ටැංකි ඉදිකිරීමට අවශ්‍යකරන උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළා.