Sunday, December 22, 2024

General line - 0115112241

“ගැටලුව ඇත්තේ රාජ්‍ය ඇමතිගේ නොවේ”




ගැටළුව ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නොව රාජ්‍ය අමාත්‍ය ධුරයේ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙතෙම මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මගේ පෞද්ගලික මතයත් රාජ්‍ය අමාත්‍ය කියන තනතුර එතරම් හොඳ කාර්යයක් නොවේ කියන එකයි. හැබැයි යම් ගැටලුවක් තිබ්බා නම් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා සමග සාකච්ඡා කරන්න තිබ්බා. නියෝජ්‍ය අමාත්‍ය විහිදට පත් කරා නම් මේ ගැටලුව ඇති වෙන්නෙ නැහැ.” යනුවෙනි.