Thursday, May 2, 2024

General line - 0115112241

අද තරගයේදී විනිසුරුවරයෙක් ලෝක වාර්තාවක් තබයි




අද (02) පැවැත්වෙන ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී නව ලෝක වාර්තාවක් බිහි වනවා.

ඒ, පාකිස්තාන විනිසුරු අලීම් ඩාර් ලෝකයේ වැඩිම තරග සංඛ්‍යාවක කටයුතු කළ විනිසුරු ලෙසයි.

දකුණු අප‍්‍රිකානු විනිසුරු රූඩි කර්ස්ටන් සහ අලීම් ඩාර් මේ වනවිට තරග 331 බැගින් විනිශ්චය කර තිබෙනවා. අද තරගය අලීම් ඩාර්ගේ 332 වන තරගයයි.

මේ අතර අද තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම සංශෝධන කිහිපයක් සමග පිටියට පිවිසීමට නියමිතයි. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙනුවට බොහෝ විට උපුල් තරංග කණ්ඩායම නියෝජනය කරනු ඇති.

ශ‍්‍රී ලංකා පිතිකරණ අනුපිළිවලේ අංක 03 ස්ථානයට ධනංජය ද සිල්වා හෝ උපුල් තරංග ක‍්‍රීඩා කිරීමටද නියමිතයි.

දුෂ්මන්ත චමීර අද තරගයේ දී විවේක ගන්වා ඒ වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවනු ඇති බවට ද විශ්වාසය පළ වනවා.

දකුණු අප‍්‍රිකාව අද තරගයට සහභාගී වන්නේ කිසිඳු වෙනස්කමකින් තොරවයි. කෙසේ වෙතත් කඩුලු රකින ක‍්‍රීඩක ක්වින්ටන් ඞී කොක් සුළු ආබාධ තත්වයකින් පසුවන බවට ද දකුණු අප‍්‍රිකාවෙන් ලැබෙන වාර්තාවල සඳහන්. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට පමණ කේප්ටවුන්හි දී ආරම්භ වනවා.

aleem-dar