Thursday, May 2, 2024

General line - 0115112241

ළහිරුගේ පන්දුවෙන් දකුණු අප‍්‍රිකානු මුල් පෙළ අසරණ වෙයි (PHOTOS)




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය කේප්ටවුන්හිදි දැන් පැවැත්වෙනවා.

පළමු ඉනිම ක‍්‍රීඩා කරන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 04ක් දැවී ලකුණු 147ක් ලබා සිටියා.

පළමු ටෙස්ට් තරගයේදි පිත්තෙන් දස්කම් දැක්වු ස්ටෙෆන් කුක් පළමු පන්දු වාරයේදීම දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

19 හැවිරිදි ළහිරු කුමාර තමන් යැවූ පන්දු වාරයකදී හෂීම් අම්ලා සහ ජේ.පී ඩුමිනි දවා ගැනීමට සමත් වුණා.

අද තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා වෙනුවට උපුල් තරංගත්, දුෂ්මන්ත චමීර වෙනුවට ළහිරු කුමාරත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

257062

257044 257052 257053