කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප‍්‍රවාහනය කෙරෙන විශාල ප‍්‍රමාණයේ ටිපර් රථ කිහිපයක් නිසි ධාවන බලපත‍්‍ර නොගෙන ප‍්‍රධාන මාර්ගයක ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව පැවසුවා.
මේ අතර මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරිගෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ වැඩබිමෙන් පිට කුඩා දුරකට හෝ ධාවනය කරවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගත යුතු බවයි.
චීන ටිපර් නිසා කොළඹ මාර්ග අනතුරේ
(Jan 4, 2017 @ 11:36 )
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප‍්‍රවාහනය කෙරෙන විශාල ප‍්‍රමාණයේ ටිපර් රථ කිහිපයක් නිසි ධාවන බලපත‍්‍ර නොගෙන ප‍්‍රධාන මාර්ගයක ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.
වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ අදාළ ටිපර් රථ සදහා මෙරට මාර්ගවල ධාවනය කිරීමට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් බලපත‍්‍රයක් හෝ ලබාගෙන නොමැති බවයි.
එමෙන්ම අදාළ ටිපර් රථ කිසිදු රක්‍ෂණ සමාගමක් යටතේ ලියාපදිංචි කර නැහැ.
චයිනා හාබර් සමාගමට අයත් මෙම ටිපර් රථ වරායේ ගේට්ටු අංක එකෙන් පිටතට පැමිණ කොටුව චෛත්‍ය පාර ඔස්සේ කිලෝමීටර් 5 ක පමණ දුරක් ධාවනය කෙරෙනවා.
මෙය අතිශය භයානක තත්ත්වයක් බවයි වැඩබිම් සේවකයෙකු සදහන් කළේ. එම හඬපටය පහතින් ඇසිය හැකියි.
අදාළ ටිපර් රථ ප‍්‍රධාන මාර්ගයේ අනාරක්‍ෂිත ලෙස ධාවනය කෙරෙන ආකාරය දැක්වෙන ඡායාරූප පහතින් දැක්වේ.