Wednesday, May 8, 2024

General line - 0115112241

ඇන්ජලෝ මැතිව්ස් පරාජයට හේතු කියයි




වේග පන්දු යවන්නන්ට වඩාත් සුදුසු තණතීරුවල දී පන්දුවට පහර දෙන්නේ කෙසේදැයි ශ්‍රී ලාංකික පිතිකරුවන් දකුණු අප්‍රිකානු පිතිකරු ඩීන් එල්ගර්ගෙන් ඉගෙන ගත යුතු බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයද ශ්‍රී ලංකාව ඊයේ පරාජය වීමෙන් පසුවයි.

මෙම පරාජයට ද වැඩි බලපෑමක් ඇති කළේ පිතිකරුවන්ගෙන් දුර්වල ක්‍රීඩා විලාශය බව ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දුන්නා. පළමු ඉණිමේ දී ශ්‍රී ලංකාව සියලූ දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 110 ක් පමණයි.

දෙවන ඉණිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලූ දෙනා ලකුණු 224කට දැවී ගියා. එහෙත් ඩීන් එල්ගර් පමණක් ඉණිම දෙකේ දී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 184 ක්.

ඔහු විසින් බොහෝ පන්දු නිදැල්ලේ යවනු ලැබුවා. ඔහුගේ පහරවල් තෝරා ගැනීමේ විලාශය ද ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් අධ්‍යයනය කළ යුතු බවයි ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ. දෙපිල අතර මීළග ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වනදා ආරම්භ වනවා.